Monday, May 29, 2017

තමන් ද ව්‍යසනයක් බව ලොවටම ප්‍රදර්ශනය කරන අපේ දොස්තර සංගමය.


රටකට මේ තරම් විපතක් සිදුව තිබියදී වෛද්‍යවරුන් හමුවේ ඇත්තේ දැවැන්ත කාර්යභාරයකි. විපතට පත්වූ ජනතාව මුහුණ දී ඇති සෞඛ්‍ය ගැටළු පිළිබඳව සළකා බැලීමේදී ඔවුන් සතු වගකීම මෙතෙකැයි කියා ගණනය කළ නොහැකි තරම්ය. විශේෂයෙන්ම මේ ආකාරයේ ස්වභාවික ව්‍යසනයන්ගෙන් පසු නියතවශයෙන්ම හිස ඔසවන වසංගත රෝග තත්වයන් පිළිබඳව සළකා බැලීමේදී ද රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති වගකීම තේරුම්ගත හැකිය. එහිදී වෛද්‍යවරුන් සතු කාර්යභාරය අති දැවැන්තය. එහෙත් රටේ ප්‍රධානතම වෛද්‍ය වෘත්තීය සංව්ධානය ලෙස කියාගන්නා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනතෙක් ඒ පිළිබඳව වචනයකින් හෝ අවධානයක් යොමුකර ඇති ආකාරයක් අසන්නට නොමැත. ඒ වෙනුවට ඔවුන් මේ මොහොතේදීත් සූදානම් වන්නේ ඉදිරියේදී ද වෛද්‍ය වැඩවර්ජනයක් සැලසුම් කරන්නටය. ඒ සඳහා වන සාකච්ඡාවක් හෙට දහවල් 1.00 ට පමණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී පැවැත්වෙන බවට සිය සගයන්ට පණිවුඩ නිකුත්කර තිබිම මගින් ඒ බව පැහැදිළි වේ.
Read More ...

0 comments:

Post a Comment